Loading...

අගමැතිට පාරිලිමේන්තුවේදී පහර දෙයි..මන්ත‍්‍රීවරු ගුටි කෙළියක. බැදුම්කර වංචාව පාර්ලිමේන්තුවම ගිනියම් කරයි (VIDEO)

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ස්ථාවර නියෝග 14 යටතේ කරන ලද ඉල්ලීමකට අනුව අද දිනයේ පාර්ලිමේන්තුව රැස්වුණු අතර එහිදී අග‍්‍රාමාත්‍යවරයා යම් විශේෂ ප‍්‍රකාශයක් කිරීම සදහා සූදානම් වුවත් විපක්ෂයේ ඇතිබු බාධාකිරීම් හේතුවෙන් පාර්ලාමේන්තුවේ යම් උණුසුම් ස්වභාවයක් ගනු ලැබිය.

එහිදී විපක්ෂයේ මන්ත‍්‍රී බන්ධුල ගුණර්ධන පවසා සිටියේ බැදුම්කර වාර්තාව ඉදිරිපත් කිර්ීම හා ඒ පිලිබදව සාකච්ජාව කිරීමට පාර්ලිමේන්තුව කැදවූ බවත් අග‍්‍රමාත්‍යවරයාගේ ප‍්‍රකාශයකට නොවන බවත් සදහන් කර සිටියේය.

එහිදී අගමැතිවරයා සදහන් කරසිටියේ ස්ථාවර නියෝග යටතේ තමන් පාර්ලිමේන්තුව කැදවූ බවත් එහිදි තමන් ප‍්‍රකාශයක් කරන බවට සදහන් කර සිටි බවයි. මෙහිදී අගමැතිවරයාගේ ප්‍රකාශය ප්‍රකාශ කර නිම වීමත් සමගින් පාර්ලිමේන්තුව උණුසුම් මුහුනුවරක් ගත්තා ඒ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් සියල්ලම එකවර නැගිට මහින්ද හොරා ! මහින්ද හොරා යනුවෙන් ශබ්ද නගා ප්‍රකාශ කිරීමත් සමගින්ය.

අද පැවැත්වෙන විශේෂ පාර්ලිමේන්තු සැසිවාරය තුළදී හටගත් නොසන්තාවක් හේතුවෙන් පාර්ලිමේන්තුව සැසිවාරය තාවකාලිකව විනාඩි 10කට අත්හිටුවීමට කතානායක කරු ජයසූරිය මහතා කටයුතු කළේය.

ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සභා ගැබට පැමිණ විරෝධතාවයක නිරත විය. නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා චෝදනා කරන්නේ අගමැතිවරයා කතා කරමින් සිටින විට ඔහු දෙසට යමකින් දමා ගැසූ බවයි.

අනිත් අයට බලන්න ෂෙයා කරමු
Loading...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*