Loading...

ලංකාව ගොඩගන්න ආ හතුරුසිංහ ඊයේ කියූ සුපිරි කතාව (වීඩියෝ)

දිගු කලක් පුරා පැවති සාකච්ඡාවලින් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කෙරුණු චන්දික හතුරුසිංහ මහතා නිල වශයෙන් වැඩ භාරගත්තා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වර්තමානයේ සිටින තත්ත්වයෙන් ඉහළට ගැනීමට අවශ්‍ය තරම් දක්ෂතා මෙරට ක්‍රීඩකයින් තුළ පවතින බව ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා පවසනවා.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස නිල වශයෙන් වැඩ භාර ගැනීමෙන් අනතුරුව ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළා.

විවිධ අවස්ථාවන්හිදී කළකිරීම් ඇති වූ සිද්ධීන් සිදුවූ නමුත් තමා එම කළකිරීම් අමතක කරමින් ඉදිරියට යන බවයි ඔහු පැවසුවේ.

එම සිද්ධීන්ගෙන් කළකිරී නැවත ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත සම්බන්ධ නොවී සිටිනවා නම් අහිමි වන්නේ තමන්ගේ අවස්ථාවත් රටේ අවස්ථාවත් යන දෙකම බව ඔහු ප්‍රකාශ කළාත

“මම හිතනවා ශ්‍රී ලංකා කණ්ඩායම මීට වඩා දක්ෂතාවය දක්වන්න පුළුවන් කණ්ඩායමක්. හරි සැලැස්මක් අනුව තරගවලට මුහුණ දුන්නොත් අපිට තව දුර යන්න පුළුවන්. ඒ වගේම මේ අවස්ථාව මේ කණ්ඩායමට මීට වැඩිය ලෙවල් දෙක තුනක් උඩට යන්නට හැකියාව තියෙනවා. හරි ක්‍රීඩකයන් හරි තැන්වලට යොදවලා කාලයක් ඒගොල්ලන්ට දුන්නොත් අපිට ඔය දක්ෂතාව වැඩිදියුණු කරන්න පුළුවන්”

ප්‍රශ්නය – ඔබතුමාට කොච්චර කාලයක් යයි කියලා හිතනවාද ඒ තැනට එන්න..?
පිළිතුර – ඔයාලාට කොච්චර කාලයක් ඕනද..?

ප්‍රශ්නය – ලංකාවේ හැමෝම බලාපොරොත්තු වෙන්නේ හෙට දවසේ ජයග්‍රහණය කරන්න පුළුවන්නම්, අද දවසේ T 20 තරගය තියෙනවා..?

පිළිතුර – ටිකක් කාලයක් යයි. මං විතරක් නෙවෙයි ඒ ක්‍රීඩකයිනුත් පුරුදුවෙන්න ඕන. මම හිතන විදිහට ඒගොල්ලන්ටත් වෙනස් විදිහට ට්‍රේන් කරන්න ඒ ඔක්කොම එක තැනකට එන්න ඕන. එක දෙයක් විතරක් කරලා හදන්න පුළුවන් නම් ඒක ඉක්මන් වෙන්න පුළුවන්. මම මගේ උපරිමය කරනවා. මම දන්න දේ හැමදේම කරලා අපේ කණ්ඩායම ජයග්‍රාහී මාවතකට ගෙන එන්න තමයි මම උත්සාහ කරන්නේ. ඉතින් ඒක නිසා අපි ටිකක් කාලයක් ඉවසීමෙන් ඉමු.

 

අනිත් අයට බලන්න ෂෙයා කරමු
Loading...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*