Loading...

ශ‍්‍රී ලාංකික ශ්‍රමිකයන්ට ජපාන් යන්න මෙන්න අපුරු රැකියා අවස්ථා හිමිව තිබේ මාසයක වැටුප ලෙස ජපන් යෙන් 135,000ක් (රු.182,250)

විදේශ රැකියා අමාත්‍යාංශය හා IM ජපන් ආයතනය අතර ඇතිකරගත් අවබෝධතා ගිවිසුම අනුව ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින්ට ජපානයේ රැකියා අවස්ථා හිමිව තිබේ.

ඒ අනුව ජපන් භාෂා ප‍්‍රවීනතාව N4 මට්ටම සමත් හෝ හදාරා ඇති වයස අවුරුදු 18-30ත් අතර ලාංකික තරුණ තරුණියන්ට මේ සඳහා අයදුම් කළ හැකිය.

සාත්තු සේවිකා (Caregiver) වෘත්තිය සඳහා කාන්තාවන් 150 දෙනෙකු සඳහා රැකියා අවස්ථා ඇති අතර, ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ රැකියා සඳහා තරුණයින් 8 දෙනෙකු සඳහා අවස්ථාව හිමිව තිබේ.

මෙම ශ‍්‍රමිකයින් සඳහා එක් මාසයක වැටුප ලෙස ජපන් යෙන් 135,000ක් (රු.182,250) හිමි වේ. ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ රැකියා සඳහා ජපන් භාෂාව හදාරා තිබීම ප‍්‍රමාණවත් වේ. මෙම රැකියා සඳහා අයදුම්කිරීමට කැමති රැකියා අපේක්ෂිතයින්ට දෙසැම්බර් මස 21 දිනට පෙර විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අලෙවිකරණ අංශය වෙත තම අයදුම්පත එවිය හැකිය. මේ පිළිබඳ වැඩි විස්තර කාර්යාංශ වෙබ් අඩවියේ පළකොට ඇත. කාර්යාංශයට දුරකතන ඇමතුමක් ලබාදීම මඟින් මෙම වැඩසටහන සඳහා ලියාපදිංචි විය හැකිය.

මෙම වැඩසටහන සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් හා ලියාපදිංචි කිරීමේ කටයුතු දෙසැම්බර් මස 21 හා 22 යන දෙදින කාර්යාංශ ශ‍්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය. පෙරවරු 9.30ට මෙම වැඩසටහන ආරම්භ වීමට නියමිත බැවින් රැකියා අපේක්ෂිතයින්ට අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා අවශ්‍ය ලිපි ලේඛන හා පළපුරුද්ද සනාථ කළ හැකි ලේඛන රැගෙන පැමිණෙන මෙන් කාර්යාංශය ඉල්ලා සිටියි.

මෙම පුහුණු වැඩසටහන පවත්වනු ලබන්නේ ජපන් සහ ශ්‍රී ලංකා රජයන් 2 අතර අත්සන් කරන ලද සහයෝගිතා ගිවිසුමක් මතය. මෙම වැඩසටහන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශ‍ය විසින් මෙහෙයවනු ලබන්නේ විදේශ රැකියා ප්‍රවර්ධන සහ සුභසාධන අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේය. මෙතුළින් තෝරාගනු ලබන අභ්‍යාසලාභීන් වැඩිදුර වෘත්තීය පුහුණුව සඳහා ලියාපදිංචි විදේශ රැකියා ඒජන්තවරුන් හරහා ජපානයට යවනු ලැබේ.

 

මෙම වැඩසටහන යටතේ කාර්යස්ථ පුහුණුව සඳහා සෑම වසරකම තරුණ තරුණියන් 1000 කට අවස්ථාව සැපයීමට ජපන් රජය එකඟ වී ඇත. 2008 අප්‍රේල් මස පවත්වනු ලැබූ රැස්වීමකදී ගරුවිදේශ රැකියා ප්‍රවර්ධන සහ සුභසාධන අමාත්‍යතුමා ජපන් කම්කරු, අධිකරණ සහ ආරක්ෂක ඇමතිවරුන් සමඟ කරන ලද සාකච්ඡා වල ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකාවෙන් වසරකට යවනු ලබන අභ්‍යාසලාභීන් 500 සිට 1000 දක්වා වැඩිකරන ලදි.

මෙම වෘත්තීය පුහුණු කාලය වසර 3 ක් වන අතර, පළමු වසරේ වීසා බලපත්‍ර ඔවුන්ට ලැ‍බෙනුයේ

අභ්‍යාසලාභීන් ලෙසට වන අතර සෙසු වසර 2 සඳහා‍ පුර්ණ වීසා බලපත්‍ර ඔවුන්ට ලැ‍බෙනු ඇත.

සෑම අභ්‍යාසලාභීයකුම මෙම වසර 3 ක කාල සීමාව කලින් නම් කරන ලද ස්ථානයේම සේවය කළ යුතු වන අතර වසර 3 අවසන් වු පසු නැවත ශ්‍රී ලංකාව වෙත පැමිණීම අනිවාර්ය්‍ය වේ.

සුදුසුකම්

  1. අයදුම් කරුවන් වයස අවුරුදු 19-30 ත් අතර විය යුතුය (වයස අවුරුදු 25 ට අඩු අය වඩාත් සුදුසු ය)
  2. අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි හෝ සිංහල විෂයන් සමත්‍ විය යුතුය
  3. අයදුම් කරුවන් නිරෝගී විය යුතුය
  4. අදාල රැකියා ක්ෂේත්‍රයේ අවම වශයෙන් වසරක අත්දැකීම් සහිත විය යුතු වන අතර එය සනාථ කිරීමට වලංගු සහතිකයක් ද තිබිය යුතුය
  5. වෘත්තීය පුහුණු අත්දැකීම් සහිත අයදුම් කරුවන් වඩාත් සුදුසු ය
  6. ජපන් භාෂා දැනුම ඇත්නම් වඩාත් වාසිදායක වනු ඇත

බඳවා ගැනීම

නවක අභ්‍යාසලාභීන් බඳවා ගැනීම සිදුකරනු ලබන්නේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශ‍ය සමඟ ලියාපදිංචි කරන ලද රැකියා ඒජන්තවරුන් හරහා ය. නවක අභ්‍යාසලාභීන් බඳවා ගැනීම කිරීමට අවසර ලබාදී ඇත්තේ මෙම ලියාපදිංචි කරන ලද රැකියා ඒජන්තවරුන් ගෙන් ද කිහිප දෙනෙකුට පමණි. නව බඳවා ගැනීම් සිදුකරනු ලැබෙන්නේ කළින් ලැබුනු රැකියා ඇණවුම්වලින් 60% ක් සම්පූර්ණ කිරීමෙන් පසු ව පමණි. ඔවුන් මෙලෙස අභ්‍යාසලාභීන් බඳවා ගැනීමේදි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශ‍ය මඟින් පනවා ඇති නීති සහ කොන්දේසි වලට යටත් වී කටයුතු කළ යුතුය.

පුහුණුවීම්

බලයලත් නියෝජිත ආයතන මඟින් බඳවා ගන්නා අභ්‍යාසලාභීන් හට ජපන් භාෂාව, ජිවන රටාව සහ ශාරීරික අභ්‍යාස පුහුණුව තෝරා ගන්නා ලද ආයතන මඟින් ලබා දිය යුතුය. ජපන් භාෂා දැනුම පැය 224 කට නොඅඩු අධ්‍යයන කාලයක් සපුරා තිබිය යුතුය. අදාල සුදුසුකම් සපුරාලීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශ‍යට බාහිර ස්වාධීන පිළිගත් ආයතනයක් මඟින් පවත්වනු ලබන විභාගයක් සඳහා පෙනී සිටිය යුතු අතර මෙම විභාගය සමත් වීම අනිවාර්ය්‍ය වේ.

 

බැඳුම්කරය

ජපානයේ අභ්‍යාසලාභීන් ලෙස බඳවාගනු ලබන සියළු ශ්‍රී ලාංකිකයින් මෙරටින් පිටවීමට පෙර බැඳුම්කරයකට අත්සන් කළ යුතුවේ. මෙමඟින් පුහුණුව සඳහා යොමුකරන ආයතනයෙන් පරිබාහිරව සේවයේ යෙදීම වළකාලනු ලබන අතර එම සේවා ස්ථානයේදී සාර්ථකව පුහුණුව නිම කිරීමට අවශ්‍ය වටපිටාව මෙමඟින් තහවුරු කර ඇත. යම් හෙයකින් බැඳුම්කරයේ කොන්දේසි කඩකරනු ලබන අභ්‍යාසලාභියෙකු රුපියල් මිලියන 2 ක් අදාල පාර්ශවයන් හට ගෙවීමට මෙමඟින් එකඟ වී ඇත. අභ්‍යාසලාභීන් තම අභිමතය පරිදි ක්‍රියා කිරීම වළකාලීම සඳහා හඳුන්වා දී ඇති මෙම බැඳුම්කරය මඟින් අභ්‍යාසලාභීන් මෙන්ම අදාල අනෙකුත් පාර්ශව ආරක්ෂා කිරීම මූලික අරමුණ වේ.

අනිත් අයට බලන්න ෂෙයා කරමු
Loading...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*