Loading...

ලක්ෂ ගණන් තනපට වලින් හැඩවුණ Cardrona බ්‍රා වැට

Image result for Cardrona Bra Fence1999 අවුරුද්දෙ නත්තලෙන් දෙතුන් දවසකට පසු ප්‍රසිද්ධ පාරක් අයිනෙ වැටක අයිතිකාරියන් නොමැති  තනපටවල් හතරක් එල්ලා තිබෙන බව පිරිසක් දැක තිබෙනවා.
මේ වැට පිහිටා තිබුණෙ නවසීලන්තෙ මධ්‍යම ඔටාගෝවෙ ප්‍රධාන පාරක් අයිනේ.
පාරේ යනඑන අය මේ එල්ලලා තිබුණ දේවල් දිහ බල බලා ගියාට කවුද මේව මෙතන එල්ලුවේ ,මොකටද එල්ලුවේ කියල කවුරුවත් දැනුවත් වෙලා ඉදලා නෑ.

දවසින් දවස ඒ වැටේ එල්ලන තනපට ප්‍රමාණය වැඩිවෙලා තියෙනවා.
2000 අවුරුද්දෙ පෙබරවාරි මාසෙ වෙනකොට වැටේ තනපටවල් හැටකට වැඩිය තිබිලා තියෙනවා.

ඒ පළාතේ කෙනෙක් මේ වැඩේට විරුද්ධ වෙලා මේ තියන තනපට ටික ගලවලා වැට සුද්ද කරලා තිබෙනවා.
නමුත් පහුවදා ඉදන්ම වැට වැහෙන තරමට තනපටවල් එතන පිරිලා තියෙන්නේ හැමෝම පුදුම කරවමින්.

2000 අවුරුද්දෙ ඔක්තෝබර් මාසෙ ඒ පළාතේ අය එකතු වෙලා මේ වැට ආයෙත් හිස් කරන්න කටයුතු කරලා තියෙනවා.
ඉන්පසු  වැටේ එහා කෙලවරේ ඉදන් මේ කෙළවර වෙනකල්ම දහස් ගනනින් ලක්ෂ ගණනින් තනපටවල් එල්ලෙන්න පටන් අරන් තිබෙනවා.

අවසානයේ ඒ පළාතේ අය වැඩේ අතහැරලා දාලා තියෙනවා.
අදවන විට මේ වැට බලන්න සංචාරකයො පවා එන්න පටන් අරන් තියෙනවා.
මේකට කියන්නෙ Cardrona Bra Fence කියලා.

(ඡායාරූප කිහිපයක් සහ එහි වීඩියෝවක් පහතින්)

Image result for Cardrona Bra FenceImage result for Cardrona Bra FenceImage result for Cardrona Bra Fence

Image result for Cardrona Bra FenceImage result for Cardrona Bra Fence

අනිත් අයට බලන්න ෂෙයා කරමු
Loading...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*