Loading...

උපත් පාලන පෙති වර්ග හා භාවිතා කරන ආකාරය ගැන හරියටම මෙන්න

කොන්ඩම්ස් එහෙමත් නැත්නම් උපත්පාලන කොපු හැරුනහම සැළසුම් සහගත නොවන ගැම්ගැනීම් පාලනය කරන්න තියෙන හොදම දේ තමයි උපත්පාලන පෙති කියන්නෙ.ඒත් ගොඩක් අය දන්නෙ නෑ කොහොමද මේවා ගන්නෙ?කොහොමද ගන්න ඕනේ?එතකොට පාවිච්චි කරන්න ඕනෙ කොහොමද?මේ පෙති වලින් අතුරු ආබාධ ඇති වෙන්න පුලුවන්ද?ගැබ් ගැනීම් වළක්වනවට අමතරව තව මේකෙන් ලැබෙන ප්‍රයෝජන මොනවද?වගේ ප්‍රශ්ණ ගොඩක් තියනවා.ඉතින් අපි මුලින්ම කතා කරමු දීර්ග කාලීන උපත් පාලනය ගැන.ඊට පස්සේ කතා කරමු හදිසි උපත් පාලනය ගැන.

පැහැදිලිව කිව යුතුයි මේ කියන්නෙ විවාහයෙන් පස්සෙ උපත්පාලන කොපු බාවිතයට ඔබ අකමැතිනම් විසදුමක්විදියට උපතක්පාලන පෙති වලට යොමුවනවානම් ඒ එ් අය අනුගමනය කල යුතු පිළිවලයි

උපත් පාලන පෙති ගන්න ඕනෙ සාමාන්‍යයෙන් තරුණියකගේ ඔසප් වීම ආරම්භ උන දවසෙ ඉදලයි.ලිංගිකව එකතු වුනාට පස්සෙ ගන්න එකෙන් ගැබ් ගැනීමය වැළ කීමය 100%ක් තහවුරු කරන්න බෑ.විශේෂම දේ තමයි උපත් පාලන පෙති තරුණියක් දිනපතා පාවිච්චි කළ යතුයි.පෙත්තක් දෙකක් බිව්වා කියල 100%ක් ප්‍රතිඵල ගන්න බෑ

මේ පෙති එක්කෙ පැක් එකක් විදියට.දවස් 21ට දවස් 28ට දවස් 91ට මේ පෙති පැක්ස් එනවා.අනිවාර්යයෙන් දවසගානේ මේ පෙත්තක් බොන්න අමතක කරන්නෙපා

මේ පෙති ගන්න කලින් වෛද්‍ය වරයෙක්ව හමුවෙලා ගන්නවනම් වඩාත් හොදයි.සාමාන්‍යයෙන් උපත් පාලන පෙති පැක් රැපියල් 3500යේ සිට ඉහලට තිබෙනවා

උපත්පාලන පෙදි දිනපතා පානය කිරීමෙන් ලොකු අතුරු ආබාධ ඇති වෙන්නෙ නෑ.සාමාන්‍යයෙන් ලිංගික එකතුවීමෙදී සුලු සුලු වෙනස් හැගීම් ඔසප් වීමේදී වෙනදාට වඩා රුධීරය තරමක් පිට වීම වගේ දෙවල් කිහිපයක් විතරයි තියෙන්නේ.මේවාත් ඔබ උපත්පාලන පෙති ගන්න පටන් අරගෙන මාස 2-3ත් යනකොට ඇති වෙන්නෙ නෑ.පාවිච්චියට පුරුදු වුන මුල් කාලයේ විතරයි පොඩි පොඩි අතරු ආබාධ ඇති වෙන්නෙ.නමුත් ඒවා දිගින් දිගටම වෙනාවනම් වෛද්‍ය ප්‍රථිකාර ගැනීම ඉතාමත් වැදගත්.

හදිසි උපත් පාලන පෙති යනු මොනවාද?POSTINOR (පොස්ටිනොර්) යන වෙළෙඳ නාමයෙන් ලංකාව තුළ ප්‍රසිද්ධ මෙම පෙති වර්ගය, ඇත්තෙන්ම, Levonogesterol (ලෙවොනොජෙස්ට්‍රෝල්) නම් රසායනික හෝමෝනමය පෙති වර්ගයක් වනවා. Next choice, Plan B ආදී වෙනත් වෙළෙඳ නාම වලින්ද මෙය ප්‍රචලිතයි.මෙහි මූලික ක්‍රියාකාරීත්වය සිදු කරන්නේ ප්‍රොජෙස්ටින් නම් සංඝටකයයි.

මෙහි ක්‍රියාකාරීත්වයේ විශේෂත්වය වන්නේ, එයඩිම්භ මෝරා පරිණත වීම වැලැක්වීම,පරිණත ඩිම්බයක් සමඟ ශුක්‍රාණුවක් සංසේචනය වීම වැලැක්වීම මෙන්ම,මෙය යොදා ගත යුත්තේ කුමන අවස්තාවකදීද?මෙය භාවිතය සුදුසු වන්නේ හදිසි උපත්පාලන ක්‍රමයක් ලෙස පමණයි. එනම්,එනම් අනාරක්ෂිත ලිංගික එක්වීමකින් පසුව හෝ
සාමාන්‍ය උපත් පාලන ක්‍රමයක් භාවිතා කලද එහි අත්පසුවීමක් සිදුවී තිබෙන ( උදා: ලෙස සාමාන්‍ය දිනපතා ලබාගන්නා උපත් පාලන පෙති මඟහැරී තිබීම, උපත් පාලන කොපු සිදුරුවීම වැනි අවස්තාවන් වල්දී) භාවිතා කිරීම සුදුසු වනවා.

මෙය භාවිතා කරන්නේ කෙසේද?
මෙය පෙති සඳහා යොදාගෙන ඇති මාත්‍රාව අනුව මූලික දෙආකාරයකින් භාවිතා වනවා.තනි පෙත්තක් සහිත නිෂ්පාදන : අනාරක්ෂිත එක්වීමකින් අවම පැය 72කට පෙර.

පෙති දෙකක් සහිත නිෂ්පාදන : අනාරක්ෂිත එක්වීමකින් අවම පැය 72කට පෙර එක් පෙත්තක් හා, පලමු පෙත්තෙන් පැය 12කට පසු දෙවැනි පෙත්ත ලෙස පෙති දෙකක්.

උපත්පාලනයේ සාර්ථකත්වය රඳා පවතින්නේ එය අනාරක්ෂිත එක්වීමෙන් අවම පැය 72ක් ඇතුලත ලබාගැනීම තුළයි. ඉක්මනින් ලබාගන්නා තරමට එහි ප්‍රතිඵල සාර්ථක වීමේ අවස්ථාව ඉහළ යනු ඇති. පැය 24ක් තුල භාවිතයෙන් වැඩි සාර්ථක ප්‍රතිඵලත්, පැය 72කට පසුව භාවිතයෙන් ප්‍රතිඵල වල සාර්ථකත්වය අඩුවී ඇතිබවත් තහවුරු වී තිබෙනවා.තවද පෙති භාවිතයෙන් පැය 2-3 අතර කාලයකදී ඔබට වමනය ඇතිවේනම්,උපත්පාලනයේ සාර්ථකත්වය පිළිබඳව ගැටලු මතුවනවා. එවැනි අවස්ථාවක නැවත මාත්‍රවක් ලබා ගත යුතුද නැතිද යන්න තීරණය කිරීම සඳහා ඔබගේ වෛද්‍යවරයාගෙ සහය පැතිය යුතුයි.

විශේෂයෙන් සිහි තබාගත යුතු ත්වත් කාරණයක් වනුයේ මෙම පෙති භාවිතයෙන් පසුව සිදුවන ලිංගික එක්වීමක් නිසා ගැබ්ගැනීමක් ඇතිවීමේ අවස්ථාව මෙයින් නොවැලෙක්වෙන බවයි.. එම නිසා මෙය භාවිතයෙන් පසුව වෙනත් නිශ්චිත / එනම් ඔබ සාමන්‍යයෙන් පුරුදුව සිටින උපත් පාලන ක්‍රමයක් සමඟ කොන්ඩම් පැලඳීමත් එකවර පවත්වාගෙන යාම සුදුසුවනවා.

හදිසි උපත්පාලන පෙති අවභාවිතා වන්නේ කෙසේද?
නිතර නිතර හදිසි උපත් පාලන පෙති භාවිතා කිරීමට ඔබට සිදුවන්නේ නම් මින් හැඟී යන්නෙ ඔබට නිශ්චිත වූ දිගුකාලීන උපත් පාලන ක්‍රමයක් භාවිතයේ අවශ්‍යතාවය ඇති බවයි. ඒ පිලිබඳව පවුලේ වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කොට සුදුසු ක්‍රමයක් පිළිබඳව තීරණය කිරීම කලයුතුවනවා.

තවද, හදිසි උපත් පාලන පෙත්තක් භාවිතා කල හැකිය යන හැඟීමෙන් අනාරක්ෂිත එක්වීමකට යොමුවීම, ඔබට අනියත හා අවිනිශ්චිත තත්වයකට එලඹවීමක් පමණක් සිදුකෙරෙන අනුවණ ක්‍රියාවක් වනවා.එම නිසා පෙර සඳහන් ලෙසට එය භාවිතා විය යුත්තේ හදිසි අනාරක්ෂිත එක්වීමකින් හෝ දිගුකාලීන උපත්පාලන ක්‍රමයේ අත්පසුවීමක් නිසා ඇතිවන අනියතයක් මඟහරවා ගැනීම සඳහා පමණක් යන්න අවබෝධ කරගත යුතුවනවා.

මෙම හදිසි උපත්පාලන පෙති භාවිතයේ වෙනත් වාසි තිබෙනවාද?
අනාරක්ෂිත එක්වීමකින් පසුව ඇතිවිය හැකි ගැටලු මූලික වශයෙන් දෙකක් වනවා.පලමුවැන්න අනවශ්‍ය ගැබ්ගැනීම ඇතිවීමයි. දෙවැන්න වන්නේ ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග බෝවීමේ අවදානම යි.මෙහිදී සමාජගත වී ඇති වැරදි මතයක් වනුයේ හදිසි උපත් පාලන පෙති භාවිතය මෙම ගැටලු දෙකම නිරාකරණයට හේතුවන බවයි.නමුත් ඉහත විස්තර කල ආකාරයට එහි ක්‍රියාකාරීත්වයේ බලපෑමක් ඇත්තේ ගැබ්ගැනීමක් වලක්වා ගැනීම සඳහා පමණක් වන අතර, ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග වැලැක්වීම සඳහා එහි කිසිඳු දායකත්වයක් නොමැත.
මෙම උපත් පාලන පෙති භාවිතය නිසා ඇතිවන අතුරු ආබාධ මොනවාද?
හිසරදය,ක්ලාන්ත ස්වභාවය,වමනය හා ඔක්කාරය,උදර වේදනාව,පියයුරුවල වේදනාකාරීබව ආදිය සාමන්‍යයෙන් ඇතිවන අතුරු ආබාධ තත්වයන් වනවා.මීට අමතරව, අනාරක්ෂිත එක්වීමකින් සති 5-6 වැනි කාලයකදී ඇතිවන තද බඩ කැක්කුම සාමන්‍ය කොට නොසලකා හැරීමට නොහැකිවන්නේ, මෙය ගර්භාෂයෙන් පිටත ගැබ් ගැනීමක් විය හැකි බැවිනි. එවන් අවස්ථාවක පැලෝපීය නාල ඩිම්බකෝශ ආදියට මෙන්ම, මවගේ ජීවිතයටද හානියක් ගෙන දෙන කරුණක් විය හැකියි.

හදිසි උපත් පාල පෙති භාවිතය හා සම්බන්ධව දැන සිටිය යුතු විශේෂ කරුණු මොනවාද?මෙය හදිසි ගැබ් ගැනීමක් වලක්වා ගැනීම සඳහා වන ක්‍රියාමාර්ගයක් පමණක් වනවා. භාවිතා කිරීමට ප්‍රථම ඔබ ගැබ් ගෙන ඇතිද යන්න සැක සහිතනම් මුත්‍රා පරීක්ෂණයක් මගින් එය තහවුරු කරගැනීම වඩාත් සුදුසුවනවා.

මෙම පෙති භාවිතයෙන් පසු ඔබගේ සාමාන්‍ය ඔසප්වීම දින කිහිපයක සිට සතියක් පමණ වන කාලයකින් ප්‍රමාදවීම සිදුවිය හැකියි. නමුත් ඊටත් වඩා වැඩිවන ප්‍රමාදයකදී ගැබ්ගැනීමක් සිදුව ඇතිද යන්න පරීක්ෂා කරගත යුතු වනවා.මෙම ඖෂධය ඔබට වෛද්‍ය වරයෙකුගේ අනුදැනුමකින් තොරව ලබාගත හැකිවූවත් ඔබ වෙනත්රෝ ගීතත්වයන් සඳහා වෙනත් ඖෂධ භාවිතා කරන්නේනම්, ඖෂධ සඳහා ආසාත්මිකතා ඇති කෙනෙක් නම්දේ ශීය ඖෂධ වට්ටෝරු භාවිතා කරමින් සිටීනම් වෛද්‍යවරයකු ඒ පිළිබඳව දැනුවත් කොට වෛද්‍ය අනුදැනුම මත මෙම උපත්පාලන පෙති භාවිතය සුදුසුවනවා. අනෙක් ඖෂධ නිසා මෙහි ක්‍රියාකාරීත්වයට බාධා ඇතිවීම සිදුවිය හැකිවීම මීට හේතුවයි.

හදිසි උපත් පාලන පෙති අනුදැනුමකින් තොරව ගර්භණී අවස්ථාවක භාවිතය කළලයට අහිතකර වේද?
ගර්භණී අවදියේදී මෙය භාවිතය නිසා දරු ගැබට හානියක් වන බව විද්‍යාත්මකව සනාථ කරගෙන නොමැති කරුණක් . මෙම ඖෂධයේ ක්‍රියාකාරීත්වය අනුව ඒ සඳහා ඉඩකඩක් ඇත්තේ නැතිවීම මීට හේතුවයි. එනමුත් දැනුවත්ව ගර්භණී අවස්ථාවක ගැබ්ගැනීමක් වලක්වා ගැනීමේ අරමුණින් හෝ ගර්භයට හානි කිරීමේ අරමුණින් මෙය භාවිතයෙන් ප්‍රයෝජනයක් වන්නෙ නැති බව අවබෝධ කරගැනීම මවටමෙන්ම දරුවාටද වඩා ආරක්ෂාකාරී වනු ඇත.

අනිත් අයට බලන්න ෂෙයා කරමු
Loading...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*