Loading...

හතුරා අද සිටි වැඩ පටන් ගනියි

තරග 3 කින් සමන්විත ශ්‍රී ලංකා – ඉන්දියා 20-20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අච ඉන්දියාවේ ඔඩිස්සා ප්‍රාන්තයේ කතක් නුවර බරාබති ක්‍රීඩාංගණයේදී රාත්‍රි 7 ට ආරම්භ වීමට නියමිතයි.

එක්දින තරගාවලියේදී තරග 2 ට 1 ක් ලෙස පරාජයට පත්වූ ශ්‍රි ලංකාවට ගෞරවය බේරා ගැනීම සඳහා 20-20 තරගාවලිය අතිශය වැදගත් වනවා.

විරාත් කෝලි රහිතව රෝහිත් ෂර්මාගේ නායකත්වයෙන් හෙට ඉන්දියාව 20-20 තරගාවලිය ආරම්භ කරන්නේ ඔවුන්ට අමිහිරි අත්දැකීම් රැසක් සහිත ක්‍රීඩාංගණයකදි.

හෙට තරගය පැවැත්වෙන බරාබති ක්‍රීඩාංගණයේදී ඉන්දියාව අවසන් වරට 20-20 තරගයකට එක්වුණේ 2015 වසරේදී දකුණු අප්‍රිකාවට එරෙහිවයි.

එම තරගයේදී ඉන්දියාව ලකුණු 92 කට දැවී ගිය අතර ඔවුන්ට ප්‍රේක්ෂකයන්ගේ ගල් මුල් ප්‍රහාරවලටද ලක්වන්නට සිදුවුණා.

හෙට තරගයට එක්වන ඉන්දීය කණ්ඩායමට ලෝකේෂ් රාහුල් කැඳවීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ශ්‍රෙයාස් අයියර්, වොෂිංටන් සුන්දර්, දීපක් හූදා, මොහොමඩ් සිරාජ්, බසිල් තම්පි සහ ජාදෙව් උනත්කාර් යන නවක ක්‍රීඩකයින් ඉන්දීය සංචිතයට කැඳවා තිබෙනවා.

තරගාවලි රැසක පරාජයත් සමග 2017 වසර නිමා කරන ශ්‍රි ලංකාව හෙට තරගයේදී තුන් ඉරියව් ක්‍රීඩකයන් පිළිබඳ වැඩි විශ්වාසයක් තබන බවටයි ඉන්දියාවෙන් වාර්තා වන්නේ.

මේ අනුව හෙට තරගයට එක්වන ශ්‍රි ලංකා කණ්ඩායම විය හැක්කේ නායක තිසර පෙරේරා, උපුල් තරංග, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් ජනිත්, ධනුෂ්ක ගුණතිලක, නිරෝෂන් දික්වැල්ල, අසේල ගුණරත්න, දසුන් ශානක, චතුරංග ද සිල්වා හෝ සචිත් පතිරණ, නුවන් ප්‍රදීප්, විශ්ව ප්‍රනාන්දු හෝ දුෂ්මන්ත චමීර.

කුසල් ජනිත් ජාත්‍යන්තර තරගයකට එක්වන්නේ මාස කිහිපයක පසුවයි.

මේ අතර හිටපු ශ්‍රි ලංකා පිතිකරුවකු මෙන්ම බංග්ලාදේශ කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු වන චන්දික හතුරුසිංහ හෙට ශ්‍රි ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස වැඩ භාර ගැනීමට නියමිතයි.

හතුරුසිංහ මීට පෙර ශ්‍රි ලංකා කන්ඩායමේ සෙවණැලි පුහුණුකරු ලෙස ක්‍රියා කර තිබෙනවා.

අනිත් අයට බලන්න ෂෙයා කරමු
Loading...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*